Friday 4 May 2012

පොළොව සහ අහස


සිව් මසක් ගිණියම් ව
ඉරිතැලූ මහ පොළොව
යට ගිලී දූලි වැකි
නෙතින් උඩ බලාගෙන
වළාකුළු රොදක් නැති
නිල් පැහැති හිස් අහස
ඉකිබිඳින තුරු හිඳියි
සිය සුතන සනසන්‍ඩ
සිව් මසක් මුව ගොළු ව
ඔහේ සිටි හිස් අහස
ඉරිතැලී දූලි වැකි
මහ පොළොව සනසන්‍ඩ
ඉකිබිඳුම මහ හඬින්
හඬන හැඬුමක් ලෙසට
කඳුළු බිදු වගුරුවයි
වැව් පොකුණු උතුරන්ඩ...